11th September 2024 23:48:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ අලුතින් ඉදිකරන ලද සුභසාධන පහසුකම් සංකීර්ණය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 11 දින විසින් විවෘත කරන ලදී.
ආහාර වෙළඳ සැලැක්, බේකරියක් සහ ආපනශාලාවක් ඇතුළු නවීන පහසුකම්වලින් සමන්විත මෙම දෙමහල් වෙළඳ සංකීර්ණය භට පිරිස් සඳහා සහන මිලට අත්‍යවශ්‍ය පහසුකම් සපයනු ලබයි.10 ඉංජිනේරු සේවා බලකායේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භට පිරිස්වල ශ්‍රම දායකත්වය මත මෙම වෙළඳ සංකීර්ණය ඉදිකරන ලදී.
රධාන ආරාධිත අමුත්තා වශයෙන් ස්වේච්ඡා බලසේනා මූලස්ථානයට සපමැණි යුද්ධ හමුදාධිපති තුමන්ව මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජි.පී. සිසිර කුමාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දිනයේ කටයුතු ආරම්භ විය.අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කරමින් සුභසාධන පහසුකම් සහිත වෙළඳ සංකීර්ණය විවෘත කරන ලදී.
උත්සවයේ අසිරිය තවත් ඉස්මතු කරමින් සම්භාව්‍ය අමුත්තන් සමඟින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් නව මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට පෙනී මෙන් අනතුරුව, රෙන්ඩෙස්වුස් මණ්ඩපයේ දී පැවති සියලු නිල තේ පැන් සංග්‍රයකට යුද්ධ හමුදාධිපති තුමන් සහභාගී විය.
අනතුරුව යුද්ධ හමුදාධිපතිතුම භට පිරිස් අමතමින් එම පහසුකම් ලබාදීම තුළින් භට පිරිස්හි සුබසාධනය ඉහළ නැංවීමට යුද්ධ හමුදාව දක්වන කැපවීම අවධාරණය කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය සංචාරය සනිටුහන් කරමින් විශේෂ සමරු ඵලකයක් ප්‍රදානය කිරීමත් සමග උත්සවයේ වැඩකටයුතු අවසන් විය.
මෙම උත්සවයට භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ අඥාපති සහ ඉජිනේරු සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ, ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයෙන් සහභාගී වූහ.