10th September 2024 21:45:07 Hours
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදක කර්නල් ඩී.එම්.වී.වී දිසානායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමගේ අධීක්ෂණය යටතේ සීමාසහිත නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ (Nature’s Beauty Creations Ltd) සහයෝගය ඇතිව කිලිනොච්චියේ ආර්එස් ග්‍රීන් බාරතී උත්සව ශාලාවේදී (RS Green Barathi Resort) රූපලාවන්‍ය සංස්කෘතික වැඩමුළුවක් 2024 සැප්තැම්බර් 07 දින සංවිධානය කරන ලදී.
මෙම වැඩමුළුව සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තරුණියන් 130කට අධික පිරිසක් සහභාගී වූහ අතර, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිදරන් මහතා මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. වෘත්තීය පුහුණු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පුහුණු උපදේශිකාවක් වන ටිනෝජිනී මහත්මිය විසින් වැඩසටහන මෙහෙයවන ලදී.
සීමාසහිත නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය (Nature’s Beauty Creations Ltd) වෙතින් රූපලාවන්‍ය නිෂ්පාදන අඩංගු පාර්සල් ප්රදානය කිරීමට පෙර සහභාගීවූ අයවලුන් 55 පාබල සේනාංකය විසින් සකසනලද රසවත් දිවා ආහාර වේලක් භුක්ති විදින ලදී.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සීමාසහිත නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී නාලක ගුණවර්ධන මහතා ඇතුළු එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූහ.