09th September 2024 20:51:21 Hours
උපකරණ මාස්ටර් ජෙනරල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර 2024 සැප්තැම්බර් මස 07 දින පැවැත්විණි.
මෙම උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණවිරුවන් හය දෙනෙකු සඳහා නිවසේ වැඩ කටයුතු අවසන් කර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ දෙක 200,000/- බැගින් මුල්‍යාධාර පිරිනමන ලදී. තවද මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාන්විතයේදි පූර්ණ ආබාධිත තත්වයට පත් රණවිරුවකු වෙත රෝද තුනේ යතුරු පැදියක් සඳහා බැටරියක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.