Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2024 18:46:25 Hours

එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂණ කණ්ඩායම විසින් 15 වන ශ්‍රී ලංකා හමුදා අරක්‍ෂක භට කණ්ඩායමේ උපකරණ පරීක්‍ෂා කරයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ 15 වන ශ්‍රී ලංකා හමුදා අරක්‍ෂක භට කණ්ඩායම විසින් භාවිතා කරනු ලබන මෙරට යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ උපකරණ පරීක්‍ෂාව (COE) 2024 අගෝස්තු මස 30 දින නාකියුරා ශ්‍රී ( Naquora, Sri ) කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වූහ.

ශ්‍රී ලංකා රජය සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම අනුව, ලෙබනනයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන යුද උපකරණවල ක්‍රියාකාරීත්වය ප්‍රමිතින් තහවුරු කිරීම මෙම පරීක්‍ෂණයේ අරමුණ විය.

මෙම කණ්ඩායම විසින් සංග්‍රාමික වාහන, ආයුධ, පතොරම්, වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම්, සුභසාධන සේවා සැපයීම සහ අනෙකුත් සියලුම උපකරණ ඇගයිමට ලක් කරන ලදී. අනතුරුව සුහඳ පිළිසඳරකින් මෙම පරීක්‍ෂණයේ වැඩකටයුතු අවසන් විය.