27th August 2024 19:33:08 Hours
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 26 වන දින ආරම්භවිය.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි සඳහා ස්වේච්ඡා බළකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා ගැනීම අරමුණු කරගනිමින් ස්වේච්ඡා බළකායේ බලඇණි 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්වේ. සියලුම ජවන හා පිටිය තරඟ අගෝස්තු 27 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිත අතර ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු 28 දින සමාප්ති උත්සවය පැවැත්වේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.