Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2024 19:27:43 Hours

22 පාබල සේනාංකය රේවත ළමා නිවාසයේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරයි

යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ, 2024 අගෝස්තු 24 වන දින රේවත ළමා නිවාසයේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී.

මෙහිදි දැරියන් 29 දෙනෙකු සහ පාලිකාවන් තිදෙනෙකු සීගිරිය බලකොටුව නැරඹීමට සහ දඹුල්ල විහාරස්ථානය වන්දනා කිරීමට රැගෙන යන ලදී. නේවාසික දැරියන්ගේ සහ පාලිකාවන්ගෙ මානසික සුවතාවය ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කළ මෙම වැඩසටහනේ දී 22 වන පාබල සේනාංකය විසින් සහභාගි වූවන් සඳහා උදෑසන සහ දිවා ආහාරත් අවශ්‍යය අනෙකුත් පහසුකම් සපයා දෙන ලදී.