Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th August 2024 19:28:04 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චියේ CIMIC උද්‍යානය විවෘත කරයි

55 පාබල සේනාංකයේ විසින් ඉදිකරන ලද කිලිනොච්ච් CIMIC උද්‍යානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් 2024 අගෝස්තු මස 25 දින නිල වශයෙන් විවෘත කරන ලදී. කිලිනොච්චිය ජනතාවගේ අධ්‍යාපන සහ සමාජයීය අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පහසුකම ස්ථාපිත කර ඇති අතර, සිසුන්ගේ අධ්‍යාපනයට සහ අධ්‍යාපන ආයතනවලට අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.

මෙම උද්‍යානයේ නොමිලේ Wi-Fi පහසුකම්, අධ්‍යයන කලාප, සනීපාරක්‍ෂක පහසුකම්, පිරිපහදු කරන ලද ජලය වැනි පහසුකම් වලින් සමන්විත වන අතර, මෙය ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇත.

එහි පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය

උත්සවයේ සමාරම්භක අවස්ථාවෙන් පසුව අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් සමඟ යුද්ධ හමුදාපතිතුමන් එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ අතර එහි පැමිණ සිටි දරු දැරියන් සමඟ සුහද පිළිසඳරක නිරත විය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දැරු දැරියන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදුන්නේය. එම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග යුද්ධ හමුදාධිපති තුමන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

CIMIC උද්‍යානය ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලැබූ අතර, මෙම නව උද්‍යානය 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ 551 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.කේ.සී.එල්. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ අවසන් කරන ලදී. 7 ශ්‍රී ලංකා පාබල හමුදාව, 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ලබාදුන් ශ්‍රම දායකත්වය සහ තාක්ෂණයෙන් මෙහි ඉදිකිරීම් සිදු කරන ලදී.

මෙම සමාරම්භක උත්සවයට 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, ගුරුවරුන්, දරු දැරියන් සහ ප්‍රාදේශීය ප්‍රජා නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් 1 බලකායේ සංචාරයක නිරත වූ අතර, එම සංචාරයේදී අතරතුරදී , යුද්ධ හමුදාධිපතිතුමන් 1 බලකායේ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. අනතුරුව, එතුමන් මේ වෙනුවෙන් වූ කණ්ඩායම් හැඟීම‍, උත්සාහය සහ කැපවීම අගයමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් තැබුවේය. මෙම සංචාරය සනිටුහන් කරමින් 1 බලකායේ බලකාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී.