20th August 2024 19:06:55 Hours
243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස් කුමාරසිංහ ගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 14 සහ 15 දින වල මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පිරිසිදු කිරීමේ ප්රජාසත්කාරක වැඩසටහනක් සාර්ථක අයුරින් සංවිධානය කර තිබිණි.
243 පාබල බලසේනාව, 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සහ මඩකලපුව මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යාම වෙනුවෙන් සිය සහයෝගය ලබා දුන්හ.