20th August 2024 19:08:22 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ අම්පාර/උහන ප්‍රාථමික පාසලේ සහ අම්පාර/ශ්‍රී සුමංගල විද්‍යාලයේ සිසුන් 96 දෙනෙකු සඳහා නායකත්ව වැඩසටහනක් 2024 අගෝස්තු මස 15 දින පවත්වන ලදී.
මූලික නායකත්ව ගුණාංග වර්ධනය කිරීම, විශ්වාසනීයත්වය, වගකීම් දැරීමේ හැකියාව සහ ඵලදායීතාවයෙන් යුතු අනාගත නායකයින් බීහිකිරීම වෙනුවෙන් පාසැල් සිසුන් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. මෙම අවස්ථාවට 24 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්,සෙසුනිලයන් ඇතුළු අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයද සහභාගී වූහ.