19th August 2024 22:13:03 Hours
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකය විසින් අවශ්‍යතා ඇති පාසල් දරු දැරියන් වෙත පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු මස 12 දින සංවිධානය කරන ලදී.
මේජර් ජෙනරල් කේ.ඩී.සී.ජී.ජේ. තිලකරත්න (විශ්‍රාමික) සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අනුග්‍රාහක දායකත්වය මත සිදුකරන ලද මෙම සමාජ සත්කාරක වැඩසටහන තුළින්, මොරවපතන ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 52 දෙනෙකුට අත්‍යාවශ්‍ය පාසල් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය හිමි විය.