19th August 2024 22:18:46 Hours
මිත්‍ර ශක්ති අභ්‍යාසයට සහභාගී වී සිටින භට පිරිස් අතර සුහදත්වය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දීය සහ ශ්‍රීලංකා භට පිරිස් සම්මිශ්‍රණයෙන් සුහද වොලිබෝල් තරඟයක් පවත්වන ලදී.
උණුසුම් තරඟයකින් අනතුරුව මේජර් ඩී.එම්.එස්.එච් දිසානායක ගේ නායකත්වයෙන් ‘ඒ’ කණ්ඩායම වට 2-1 ලෙස ‘බී’ කණ්ඩායම පරදවා ශූරතාවය තහවුරු කරගැනීමට සමත්විය.
මිත්‍ර ශක්ති අභ්‍යාසයේ අධ්යක්ෂ මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ඔවුන්ගේ විශිෂ්ඨ දස්කම් අගයමින් ජයග්රාහකයින්ට සිය සුභ පැතුම් පිරිනමමින් ජයග්‍රාහී කණ්ඩායම සඳහා කුසලාන සහ සහතිකපත් ප්රදානය කළේය. තරඟයේ සුවිශේෂී දස්කම් දක්වමින් දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ ලාන්ස් නායික් සෝනු ඛාන් සම්මාන ලැබීය.
එදින සන්ධ්‍යාවේදී විවිධත්වයෙන් යුතු කලා අංග රැසකින් සමන්විත වර්ණවත් ගිනිමැල සංදර්ශනයක් සංවිධානය කර තිබූ අතර, එහිදී දෙරටේ භට පිරිස් තම විවිධ හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරන ලදි.
මෙම අවස්ථාව සඳහා යුධ අභ්‍යාසයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු යුධ අභ්‍යාසයට අයත් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වූහ.