17th August 2024 21:14:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල 5 ශ්‍රේණියේ දරු දැරියන් ශිෂ්‍යත්ව සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදෙන ලදී.
2024 අගෝස්තු මස 14 සහ 15 දින වල දිස්ත්‍රික්ක දෙකෙහිම සිසුන් අතර ආදර්ශ ප්‍රශ්න පත්‍ර 3,500ක් බෙදා දෙන ලදී. මෙම වැඩසටහන සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සහ බෝජය කසුන් මහතා අනුග්‍රහය දක්වන ලදී.
මෙම අවස්ථාවට 121 සහ 122 පාබල බලසේනාවල බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රසාද් ලොකුබාලසූරිය සහ බෝජය කසුන් යන මහත්වරුන්, ප්‍රාදේශීය අධ්‍යාපන අධීක්‍ෂකවරුන්, ගුරුවරුන් ඇතුළු පාසල් ළමුන් පිරිසක්ද සහභාගී වූහ.