16th August 2024 13:39:59 Hours
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පි.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් වැඩිහිටිකන්ද රජමහා විහාරස්ථාන පරිශ්රයේදී 2024 අගෝස්තු මස 13 දින පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
වැඩිහිටිකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව 20 ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුව, 12 ගජබා රෙජිමේන්තුව සහ 3 ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් 100 අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක විය.