Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th August 2024 12:27:40 Hours

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල 500 ක්

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ පදවි ජයන්ති විද්‍යාලයේ සහ තඹකෝට්ටේ විද්‍යාලයේ ශිෂ්‍යත්ව සිසුන් සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල 500 ක් 2024 අගෝස්තු මස 09 දින බෙදා දෙන ලදී.

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් සහය දක්වන ලදී.