Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th August 2024 12:52:33 Hours

ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ පරිත්‍යාග වැඩසටහනක් 2024 අගෝස්තු මස 10 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී පැවැත්විණි.

තවද, ශ්‍රී ලංකා පාබල හමුදාවේ බලඇණි සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම මෙම වැඩසටහනේ දී සිදුවිය, මීට අමතරව, එම සේවාවනිතා ශාඛාව විසින් විශ්‍රාමික නිලධාරියෙකුගේ භාර්යවකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු. 200,000.00 මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් ඇතුළු එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්ද සහභාගී වූහ.