10th August 2024 12:56:38 Hours
23 පාබල සේනාංකයේදී කාන්තා හිංසනය වැළැක්වීම සහ එහි පවතින නීතිමය රාමුව පිළිබඳව වැදගත් දේශනයක් 2024 අගෝස්තු මස 07 දින පැවැත්විය.
වාලච්චේන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක සමුද්‍රා නිලන්ති මහත්මිය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී. බාලවයස්කාර ළමුන් අපයෝජනය, කාන්තා හිංසනය, ගෘහස්ථ හිංසනය ඇතුළු විවිධ අපයෝජනයන් සහ එහි නීතිමය රාමුව පිළිබඳව භඨපිරිස් දැනුවත් කිරීම මෙහි අරමුණ විය.
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම යටතේ පැවැත් වූ දේශණය සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයන් 140 දෙනෙකු සහභාගී වූහ.