01st August 2024 16:21:32 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සම්ප්‍රදායානුකූලව අඛන්ඩව 11 වරටත් සිදුකළ කොප්පරා පූජාව මෙවරත් පැවැත්වුණු අතර එහි දී කොප්පරා ටොන් 16 ක ප්‍රමාණයක් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යය ආලෝකමත් කිරීම සඳහා 2024 අගෝස්තු මස 01 දින ප්‍රධානය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු සහභාගී වුයේය.
ශ්‍රී දළදා මාලිගාවේ ආගමික අවශ්‍යතාවන් සපුරාලීම අරමුණු කරගනිමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සහ අනෙකුත් රෙජිමේන්තු වල සහාය ද ඇතිව මෙම කොප්පර පූජාව සිදු කරන ලදී. එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගෙන සුහදව අහස් හුවමාරු කර ගත්හ. ඉන් අනතුරුව, ආගමික වතාවත්වලට සහභාගී වූයේය.
බෞද්ධ කොඩි අතින් ගත් යුද්ද හමුදා සාමාජිකයන් පෙරටු කරගෙන දළදා මාළිගාව වෙත රැගෙන ආ කොප්පර තොගය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දියවඩන නිලමේ තුමන් වෙත සංකේතාත්මකව කොප්පරා භාර දෙන ලදී.
අනතුරුව, එළඹෙන ඇසළ පෙරහැරෙහි ආරක්‍ෂාව සහ අනෙකුත් කරුණු වෙනුවෙන් යුද්ධ හමුදාවට ලබාදිය හැකි දායකත්වය පිළිබඳව කෙටි සාකච්ඡාවක්ද පැවැත් විය. මෙම පූජොත්සවය සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ සහයෝගය අගය කිරීම සඳහා වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කළ අතර, එම අවස්ථාවේදී දියවඩන නිලමේ තුමන් විසින් සිය කෘතඥතාවද පළ කළේය.
අවසානයේදි දියවඩන නිලමේ තුමන් විසින් යුද්ධ හමුදාවේ නොසැලෙන දායකත්වය අගයමින් යුද්ධ හමුදාධිපති තුමන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් වෙත විශේෂ සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනියන්, යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.