24th July 2024 17:34:29 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් බලඇණි කැරම් ශූරතාවලිය - 2024’ ජූලි මස 18 සහ 19 දෙදින තුළ අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ සහභාගී වූ අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක්ද තරඟය නැරඹීම සඳහා සහභාගී වූහ.
තරඟාවලියේ ශුරතාවය දිනාගැනීමට 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමත් වූ අතර අනුශූරතාවය 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමිවිය. එමෙන්ම, කේවල තරඟයන්හි ශූරතාවය හා අනුශූරතාවය යන ස්ථානයන් දෙක දිනාගැනීමට රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය සමත්විය. තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් පහතින් දැක්වේ:
ඒකළ තරඟ
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ කෝප්‍රල් ඩී.ජේ. රොහාන්
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ කෝප්‍රල් පී.ඩබ්ලිව්. ඉරේෂ් සංජය
තෙවන ස්ථානය - 3 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඒ.ආර්.ටී. සමරසිංහ
ද්විත්ව තරඟ
ප්‍රථම ස්ථානය - 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ.එස්.ඒ.එස්.එස්. තුෂාර/ කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී.පී.පී. ඉලංගරත්න
දෙවන ස්ථානය - 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එම්.පී.කේ.කේ. රාජරත්න/ රයිෆල් සෙබල ඩී.එම්.ජී.ටී. නන්දසේන
තෙවන ස්ථානය - 3 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ටී.එම්. කුමාරසිංහ/ කෝප්‍රල් කේ.ජී.ජී.එස්.ජේ. අත්තරගම