19th July 2024 18:03:37 Hours
රණවිරු ඇපරල් විසින් සිය වාර්ෂික නෙට්බෝල් තරඟාවලිය 2024 ජූලි මස 12 දින අලව්ව කර්මාන්තශාලා ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී විය. මෙම තරගාවලිය උණුසුම් තරඟයකින් අලව්ව කර්මාන්තශාලා කණ්ඩායම පරාජය කරමින් යක්කල කර්මාන්තශාලා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.
ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්රදානය කිරීම සඳහා රණවිරු ඇපරල් සේනාවිධායක තුමන්, නියෝජ්‍ය සේනාවිධායක සහ කර්මාන්තශාලා දෙකෙහිම කළමනාකරුවන් එක් විය. තවද 4ever skin naturals (PVT) Ltd අලෙවි ප්‍රවර්ධන ප්‍රධානී බුද්ධික වික්‍රමගේ මහතා ත්‍යාග වවුචර බෙදා දීම සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.