Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2024 19:51:16 Hours

හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා මාණ්ඩලික සැරයන් දිල්හානි ලේකම්ගේ වෙනුවෙන් උපහාර උළෙලක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා මාණ්ඩලික සැරයන් දිල්හානි ලේකම්ගේ ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.

ඇයගේ එම ජයග්‍රහණය අගයමින් 2024 ජූලි මස 06 දින යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර උළෙලක් පවත්වනු ලැබූ අතර, එහිදී 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් රටටත්, යුද්ධ හමුදාවටත් අභිමානයක් ගෙන දුන් මාණ්ඩලික සැරයන් දිල්හානි ලේකම්ගේ එම ජයග්‍රහණය ඇගයීමට ලක්කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ.