03rd July 2024 17:11:22 Hours
බිබිල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත එම පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජූනි මස 28 දින බිබිල, වෙල්ලස්ස ජාතික විද්‍යාලයේ සිසු සිසුවියන්ට තර්ජනයක්ව පැවති අනතුරුදායක ගසක් කපා ඉවත් කරනු ලැබීය.
සිසු සිසුවියන්ගේ ආරක්ෂාව තහවරු කරමින් භටපිරිස් විසින් කඩිනම්ව සහ කාර්යක්ෂමව මෙම ගස කපා ඉවත් කිරිමේ කටයුතු සිදුකරනු ලැබීය. යුද්ධ හමුදා භටපිරිස්හි කාලීන මැදිහත්වීම එම විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ දෙමාපියන්ගේ පැසසුමට ලක්විය.