Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2024 18:40:57 Hours

යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී රහතන්කන්ද ආරණ්‍ය සේනාසනයේ පොසොන් උත්සවය ආරම්භ කරයි

ශ්‍රී රහතන්කන්ද ආරණ්‍ය සේනාසනය විසින් 2024 ජූනි මස 21 දින සිට 23 දින දක්වා පොසොන් උත්සව වැඩසටහනක් පවත්වනු ලැබූ අතර, එහි ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් විහාරස්ථානයේ පිහිටි වීර කැප්පෙටිපොල චෛත්‍යය ආලෝකමත් කරනු ලැබීය. අනතුරුව, පූජ්‍ය ඇල්පිටියේ සුමනරතන හිමියන් විසින් පවත්වනු ලැබූ බුද්ධ වන්දනා වැඩසටහන සඳහා පැමිණ සිටි සියලු දෙනාම සහභාගී වූහ.

මෙම උත්සවය ආගමික වතාවත් සහ සම්ප්‍රදායික අංගයන්ගෙන් සමන්විත වූ අතර, එම අවස්ථාවට ශ්‍රී රහතන්කන්ද ආරණ්‍ය සේනාසන දහම් පාසලේ සිසු සිසුවියන්ගේ මූලිකත්වයෙන් බැති ගී ප්‍රසංගයක් පවත්වනු ලැබීය. වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ භටපිරිස් පැමිණ සිටි බැතිමතුන් සඳහා රොටි දන්සැලක් පවත්වනු ලැබිණි. මෙම තෙදින ‘පොසොන් කලාපය’ විහාරස්ථානයේ දායක සභාව, බුත්තල රාජ්‍ය ආයතන හා බුත්තල ප්‍රදේශ වාසීන් එක්ව සංවිධානය කරන ලදී.