Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2024 07:46:49 Hours

තිස්සමහාරාම විහාරස්ථානයේ 124 වන පොසොන් මහා පෙරහැර සහ පොසොන් උත්සවයට යුද්ධ හමුදාවේ සහාය

මෙම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් 12 පාබල සේනාංකයේ භටපිරිස් ‘ස්ථූපය’ පින්තාරු කිරීම, උත්සවයට පෙර සහ පසුව විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම, දන්සැලේ ආහාර පිළියෙල කිරීමට සහාය වීම, සති පිරිත් දේශණය සඳහා වැඩම කල මහා සංඝ රත්නය වෙනුවෙන් මුතුකුඩ එසවීම, පෙරහැර වෙනුවෙන් 24 දෙනෙකුගෙන් යුත් ‘සේසත්’ කණ්ඩායමක් ලබාදීම, පෙරහැරේ අවසන් දිනයේදී යුද්ධ හමුදා ‘වෙස්’ නැටුම් කණ්ඩායමක් සහභාගී කරවීම ඇතුළු විවිධ කටයුතු වල නිරත වූහ.

විහාරාධිපති හිමියන්ගේ සහ දායක සභාවේ ආරාධනයෙන් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් රන්දෝලි පෙරහැර මංගල්‍යයට සහභාගී වී ප්‍රධාන ඇතා මත ධාතූන් වහන්සේ සහිත ‘රන් කරඬුව’ තැන්පත් කරන ලදී.

තිස්සමහාරාම රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලැබූ අනුශාසනාවේදී පොසොන් උත්සවය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළහ.