25th June 2024 07:58:40 Hours
සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ දී ශ්රමදාන වැඩසටනක් ක්රියාත්මක කරණ ලදී.
මෙම ශ්රමදාන වැඩසටහන මගින් වන අලි ප්රහාරයෙන් දැඩි ලෙස හානියට පත්ව ඇති එම විහාරස්ථානයේ ඉදිකරණ ලද සනීපාරක්ෂක පහසුකම් ස්ථාන 24 ක් ප්රතිසංස්කරණය කර බැතිමතුන් වෙනුවෙන් ලබාදුන් අතර, එමගින් සිතුල්පව්ව විහාරස්ථානයට පැමිණි ලක්ෂ දෙකකට අධික බැතිමතුන් සඳහා පහසුකම් සලසා දෙනු ලැබීය.