23rd June 2024 17:08:41 Hours
"විජය පොසොන් ගී සරණිය 2024" මාතලේ විජය විද්‍යාලයේ දී 2024 ජුනි මස 22 දින පැවැත් විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජය විද්‍යාලයේ ගෞරවනීය ආදි ශිෂ්‍යයෙක් වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
එම අවස්ථාවට සැපැමිණි යුද්ධ හමුදාධිපති තුමන් එම පාසලේ විදුහල්පති රාජිත තීක්ෂණ මහතා සහ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස් මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සියළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පැමිණීමෙන් අනතුරුව, පාසල් ගීතය ගායනා කිරීමත් සමඟ උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය. එම අවස්ථා සනිටුහන්කරමින් සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය.
ඉන් අනතුරුව, විජය විද්‍යාලීය විදුහල්පතිතුමා උත්සව සභාව අමතමින්, පැමිණ සිටි සියළු පිරිස වෙත තම හෘදයාංගම ස්තුති පුදකිරිම සිදුකළේය
මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 28 ක සිසුසිසුවියන් පොසොන් භක්ති ගීත ගායනා කිරීමට සහභාගි වූ අතර, "විජය පොසොන් ගී සරණිය 2024"වර්ණවත් කරමින් කීර්තිමත් ගායක ගායිකාවන් විසින් මනරම් භක්ති ගීත ගායනයන් ඉදිරිපත් කරන ලදී.
ජාතික ගීය ගායනා කිරීමත් සමඟ උත්සවයේ වැඩකටයුතු සාර්ථකව අවසන් වූ අතර, මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාසල් කාර්ය්‍ය මණ්ඩලය, ආදි ශිෂ්‍යයන්, පාසලේ සිසුසිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී විය