18th June 2024 12:49:45 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය 2024 ජුනි මස 17 දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති පට්ඨාන ධර්ම දේශනාව සඳහා සහභාගී වූහ. පට්ඨාන ධර්ම සභා සාමාජිකයින් විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පරිශ්‍රයට ධාතු කරඬුව සහ රිදී පොත් වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව පූජ්‍ය කොරතොට වෙස්සභූ හිමිපාණන් විසින් පිළිගැනීමේ අනුශාසනාව සිදුකරනු ලැබීය.
උත්සවයේ ආරාධිත දේශනය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් විසින් පැවැත්වූ අතර මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධර්ම හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූල පූජාවක්ද පැවැත්විණි. පසුව, මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ශ්‍රී සර්වඥ ධාතු කරඬුව තැන්පත් කරනු ලැබීය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මහා සංඝරත්නය විෂයෙහිලා පට්ඨාන ධර්ම දේශනාව පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.