14th June 2024 08:12:20 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ‘බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 86 (2024/I)’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 ජුනි මස 12 දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී සහභාගී විය.
ශිෂ්‍ය නිලධාරීන් 34 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාස 3 ක කාලසීමාවක් පුරාවට මෙම පාඨමාලාව පැවැත්විණි. පාඨමාලාවේ කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම ස්ථානය ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් ඊ.ඩී.කේ. ඩිල්ෂාන් ට හිමිවිය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් ද සහභාගි වූහ.