Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2024 13:17:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘අන්තර් බලඇණි දැල්පන්දු ශූරතාවලිය - 2024’ සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘අන්තර් බලඇණි දැල්පන්දු ශූරතාවලිය - 2024’ අවසන් මහා තරඟය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 30 දින සාර්ථකව පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකයේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සමඟින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදුලා කස්තුරිමුදලි මහත්මිය සහභාගී වූහ.

තරඟාවලියේ ශූරතාවය සඳහා 1, 7, 2 (ස්වේච්ඡා) සහ 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යන ඒකකයන් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වූ අතර තරඟාවලියේ ශූරතාවය 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම දිනාගත්හ.

තරඟාවලිය සමාප්තියේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ශූරතාවය හිමිකරගත් කණ්ඩායම වෙත කුසලාන සහ ත්‍යාග ප්‍රදානය කළේය. අවසන් මහා තරඟය සියැසින් නැරඹීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන්, නිලධාරිනියන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.