Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2024 17:48:50 Hours

7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මූලිකත්වයෙන් ස්වයං රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් පහන්තිර නිෂ්පාදනය වැනි කුඩා පරිමාණයේ ස්වයං රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුරයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ දී 2024 ජූනි මස 01 දින ඉෂිනි නවරත්න මහත්මිය විසින් පවත්වන ලදී. එම අවස්ථාවේදී නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීමද සිදුවිය.

මෙම වැඩසටහනට සමගාමීව 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවයේ නියතු යුද්ධ හමුදා සෙසුනිල සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වියළි සලාක ඇසුරුම් සහිත පාර්සල් බෙදා දෙන ලදී. එහිදී, යුද්ධ හමුදා සාමාජිකයන් 16 දෙනෙක් සහ සිවිල්සේවක මහතුන් 21 දෙනෙක් වෙත ප්‍රතිලාභ හිමි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්‍ෂ මහත්මිය සහභාගී විය. මෙම වැඩසටහන 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් කේ.එම්.එස්.එන්. ප්‍රේමරත්න යූඑස්පී එල්එස්සී ගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී.