Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2024 06:32:01 Hours

7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි

7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කදුරුවෙල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හී තාක්‍ෂණික දැනුම භාවිතා කරමින් මාස තුනක කාලසීමාවක් තුළ නව නිවසේ ඉදිකිරීම් කටයුතු නිමකරනු ලැබීය. දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ නියමිත කාලසීමාව තුළ නිමකිරීම සඳහා 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.එන්.සී.වයි. රාමනායක පීඑස්සී අයිජී විසින් එහි අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබීය.

සුභ මොහොතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ සුරතින් 2024 මැයි මස 28 දින නිවාසලාභීන් වෙත නව නිවසේ යතුරු භාරදෙනු ලැබීය. නව නිවස විවෘත කිරීමෙන් අනතුරුව නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරින්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශවාසීන් පිිරිසක් ද සහභාගී වූහ.