Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2024 13:29:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් දන්සැලක් පවත්වයි

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී චන්දි රාජපක්‍ෂ මහත්මියගේ උපදෙස් මත පනාගොඩ බෝධිරාජාරාමයේදී 2024 මැයි මස 23 දින අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වන ලදී.

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් දන්සැල ආරම්භ කෙරිණි. දන්සැල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.