Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2024 15:01:46 Hours

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ සේවයට යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පැවති පෙර පුහුණුවීම් පාඨමාලාව සාර්ථකව අවසන්

එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ස්ථාපිත කිරීමට නියමිත දෙවන මට්ටමේ රෝහල් පෙර පුහුණුවීම් පාඨමාලාවේ සමාප්ති උත්සවය 2024 මැයි මස 22 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

නිලධාරීන් 16 දෙනෙක් සහ සෙසුනිලයන් 81 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 29 දින මෙම පාඨමාලාව ආරම්භ කෙරිණි. එක්සත් ජාතීන්ගේ ප්‍රායෝගික හා න්‍යායික අංශයන් සහ ඔවුන් වෙත පැවරෙන විශේෂ රාජකාරීන් පිළිබඳ මූලික දැනුමක් මෙම පාඨමාලාව තුළින් ලබාදෙනු ලැබීය. මෙම පාඨමාලාවේදි එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ හඳුන්වාදීම, අවස්ථාවන්ට මුහුණදීම, ජාත්‍යන්තර මානුෂීය නීතිය හා මානව හිමිකම් සහ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස ආදී අංශයන් පිළිබඳ පුහුණු කෙරිණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී විසින් පාඨමාලාවට සහභාගී වූ නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා එම පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් ද එක්ව සිටියහ.