27th May 2024 17:25:09 Hours
වෙසක් උත්සවයට සමගාමීව 141 පාබල බලසේනාව වෙතින් 2024 මැයි මස 22 දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ධර්ම දේශනාවක් සහ කොස් දන්සලක් පැවැත්වීය. 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර් ද එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. වෙසක් දන්සල සඳහා බැතිමතුන් 1000 කට අධික පිරිසක් පැමිණ සිටියහ.
මීට අමතරව, 6 කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙතින් 2024 මැයි මස 23 දින එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ගේ සහභාගීත්වයෙන් තවත් කොස් දන්සලක් පවත්වන ලදී.