Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2024 16:05:30 Hours

නිල උසස්වීමේ විභාගයට පෙනීසිටින නිලධාරින් වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් පාඨමාලාවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් 2024 ජුනි මස ලුතිනන් සිට කපිතන් දක්වා නිල උසස්කිරීමේ විභාගය සඳහා පෙනීසිටින නිලධාරීන් වෙනුවෙන් 2024 මැයි මස 15 සිට 21 දින දක්වා කාලය තුළ පෙර සුදානම් කිරීමේ පාඨමාලාවක් පැවැත්වීය.

නිල උසස්වීම් සිදුකිරීම සඳහා පවත්වනු ලබන විභාගයේ සියලුම විෂයයන් සඳහා දේශන සහ සාකච්ඡාවන් පැවැත්වීම සඳහා ප්‍රවීණ උපදේශක කණ්ඩායමක් ඉදිරිපත් වී ඇති අතර මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 26 දෙනෙකු සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් සහ නිලධාරීන් ගේ සම්බන්ධීකරණය මත මෙම පාඨමාලාව පැවැත්විණි.