26th May 2024 12:46:13 Hours
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 මැයි මස 22 දින හෝටන්තැන්න ප්‍රදේශයේ ආක්‍රමණශීලී ශාක ඉවත්කරමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
ජෛව විවිධත්වය සඳහා වූ ජාත්‍යන්තර දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙක් සහ සෙසුනිලයන් 50 දෙනෙක්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන, තරුණ සංවිධානය සහ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් රැසක් සිය දායකත්වය ලබාදුන්හ.