23rd May 2024 17:55:50 Hours
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් පවත්වනු ලබන ‘Bugle Course 72’ සහ ‘Bagpipe Course 04’ පාඨමාලාවන් යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා පුහුණු පාසල් පරිශ්‍රයේදී 2024 මැයි මස 22 දින අවසන් විය.
යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් මෙම පාඨමාලාව සඳහා සෙසුනිලයන් 33 දෙනෙකු සහභාගි වූහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් පාඨමාලාවන් සඳහා සහභාගීවූවන්ට සහතිකපත් ප්රදානය කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් පිරිසක් ද සහභාගී වූහ.