Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2024 17:28:44 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ උපදෙස් මත එම ශාඛාවේ සාමාජිකාවන් විසින් ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මැයි මස 17 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ඩී.එස් ජයසිංහ ඇස් කණ්නාඩි පුද්ගලික සමාගමේ මුල්‍ය දායකත්වය මත සිදුකරනු ලැබූ මෙම වැඩසටහනේදී යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන් 100 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි පරිත්‍යාග කරන ලදී.

මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සහයෝගය ලබාදුන්හ.