Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2024 20:33:54 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරී පැරා හෙල්ල විසිකිරීමේ තරඟාවලියෙන් ලෝක වාර්තාවක් තබයි

ජපානයේ පැවති කෝබේ 2024 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී පැරා හෙල්ල විසිකිරීම F-44 කාණ්ඩයේ ලෝක වාර්තාවක් (දුර - මීටර් 66.49) පිහිටුවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරී II කේ.ඒ සමිත දුලාන් සමත් විය.

බළලත් නිලධාරී II කේ.ඒ සමිත දුලාන් පැරා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (F-44/F-64) රිදී පදක්කම දිනාගත් අතර, ඔහු නියෝජනය කරන කාණ්ඩයෙන් (F-44) ලෝක වාර්තාවක් ද පිහිටුවීය. මෙම ලෝක ශූරතා තරඟාවලිය 2024 මැයි මස 17 දින ආරම්භ වූ අතර, එය මැයි මස 25 දින දක්වා පැවැත්වේ.

(ඡායාරූප අනුග්‍රහය - paralympic.org)