20th May 2024 14:37:21 Hours
කුරිරු ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීම සඳහා දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 28,619 දෙනෙකු සිහිකිරීම වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකිරීමේ 15 වන රණවිරු අනුස්මරණ දිනය හෙවත් ‘විජයග්‍රහණයේ දිනය’ 2024 මැයි මස 19 දින බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවති අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් සහභාගී වූවේය.
වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති කුරිරු යුද්ධයේදී මාතෘභූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා යුද්ධ හමුදාවේ 23962, නාවික හමුදාවේ 1160, ගුවන් හමුදාවේ 443, පොලිස් නිලධාරීන් 2598 ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු ඇතුළු දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන් සිය ජීවීත පූජාකරනු ලැබූ අතර එම වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය, නිර්භීතකම, පරාර්ථකාමී කැපකිරීම සහ උත්තරීතර පරිත්‍යාගය වෙනුවෙන් මෙම උත්සවයේදී පුෂ්පෝපහාර පුදකර ඔවුන් වෙත ගෞරවාචාරය දැක්වීය.
මෙම උත්සවයේදී දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීම සඳහා භික්‍ෂූන් වහන්සේලා, දිංවගත රණවිරුවන්ගේ භාර්යාවන්/ලගම ඥාතීන්, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ, කැබිනටි අමාත්‍යවරුන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, ත්‍රිවිධ හමුදාවේ ප්‍රවීණයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.
රණවිරු සේවා අධිකාරිය මඟින් සංවිධානය කරනු ලැබූ 15 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහභාගී වූ අතර, ජාතික ආරක්‍ෂාව පිළිබඳ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
රණවිරු සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීය ගායනා කර ආගමික වතාවත් සිදුකිරීමේන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. රණ බෙර වාදනය සහ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමේන් පසුව වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සිහිකිරීමේ පාඨය කියවීමෙන් අනතුරුව හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ වාදනය සිදුකෙරිණි.
රණවිරු සැමරුම් උත්සවයේ වැදගත්ම අවස්ථාව සනිටුහන් කරමින් ගරු. අග්‍රාමාත්‍යතුමන් දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව එම වීරෝදාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් සහ සම්භාවනීය අමුත්තන්ද සිය පුෂ්පෝපහාරයන් පුදකළහ.
යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන වාදනයෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු අවසන් විය.