19th May 2024 13:38:32 Hours
56 පාබල සේනාංකය විසින් 561 පාබල බලසේනාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබූ අන්තර් ඒකක කබඩි තරගාවලිය, 2024 මැයි මස 14 දින 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය.
අවසන් මහා තරඟය සඳහා 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ 11 ගැමුණු හේවා බලකා කබඩි කණ්ඩායම් තරඟ වැදුනු අතර, එහිදී 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කබඩි කණ්ඩායම ශූරතාව හිමිකර ගන්නා ලදී.
අවසන් මහා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ජයග්‍රාහකයන් සදහා සම්මාන ප්‍රදානය කරනු ලැබූ අතර, මෙම අවස්ථාව සඳහා 561 පාබල බලසේනාවේ වැඩ බලන බලසේනාධිපති කර්නල් ආර්.එස්.සී දිසානායක ආර්එස්පී, 562 පාබල බලසේනාවේ බලසේනාධිපති, 56 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.