Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2024 09:31:25 Hours

අභිමානවත් 15 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව 1500 කට අධික යුද්ධ සාමාජිකයින් වෙත නිල උසස්වීම්

15 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය හෙවත් ‘විජයග්‍රහණයේ දිනය’ට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 114 දෙනෙකු සහ සෙසුනිලයන් 1395 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබාදෙන ලදී.