Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2024 18:35:18 Hours

මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ පුහුණු වැඩසටහනක් 61 පාබල සේනාංකයේ දී පැවැත්විණි

61 පාබල සේනාංකයේ මුලිකත්වයෙන් 2(ස්වේච්ජා) ශ්‍රී ලංකා පාබල හමුදා දේශන ශාලාවේදී 2024 මැයි මස 08 දින නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණරාගල යූඑස්පී, මනෝවිද්‍යා උපදේශක, ලුතිනන් කර්නල් යූ.ජී. මල්ලවආරච්චි ආර්එස්පී යූඑස්පී, මනෝවෛද්‍ය මේජර් ඩී.ඩී.ආර්.ටී කරුණාසේන යන යුද්ධ හමුදා වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී

ආර්ථික ගැටලු විසඳීම, සෞඛ්‍ය සම්පන්න පවුල් ජීවිතයක් පවත්වාගෙන යාම, මානසික ආතතිය අවම කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම ඇතුළු මාතෘකා රැසක් මෙම දේශන මගින් ආවරණය කරන ලදී. මෙම දේශනය සඳහා නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු නිලයින් 160 දෙනෙකු සහභාගී වූහ