15th May 2024 18:31:51 Hours
අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ උදේශකයන් හා පාඨමාලා සිසුන් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් 2024 මැයි මස 12 දින පවත්වන ලදී.
අම්පාර සටන් පුහුණු පාසලේ උපදේශකයන්, කනිෂ්ඨ උපදේශක පාඨමාලාව -104, ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව- 51, කොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව - 56, ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලාව -73, නියෝජනය කරමින් කණ්ඩායම් 08 සහභාගී විය.
උණුසුම් තරඟ කිහිපයකින් අනතුරුව අම්පාර සටන් පුහුණු පාසලේ උපදේශක කණ්ඩායම ශූරතාවයද, ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව - 51 කණ්ඩායම අනුශූරතාවයද හිමිකර ගත්හ.
අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, උපදේශකවරුන් සහ සෙසු නිලයන් ද එක්ව සිටියහ.