Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2024 19:23:24 Hours

‘Inter-Branch Tape Ball’ ක්‍රිකට් තරඟාවලියක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ ‘Inter-Branch Tape Ball’ ක්‍රිකට් තරඟාවලියක් 2024 මැයි මස 02 දින සීතාවක ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා, Rendezvous ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟාවලියට එම බලසේනාවේ සියලුම ශාඛා නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් සහභාගී වූහ.

මෙම තරඟාවලිය තරඟ 8 කින් සමන්විත වූ අතර, ප්‍රධාන මාණ්ඩලික ශාඛා කණ්ඩායම සහ පාලන ශාඛා කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූහ. අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් තරඟ වදිමින් ප්‍රධාන මාණ්ඩලික ශාඛා කණ්ඩායම ඕවර 10ක දී කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබාගනිමින් දස්කම් දැක්වූ අතර, පාලන ශාඛා කණ්ඩායම විසින් ඊට ප්‍රතිචාර දක්වමින් කඩුලු 8ක් දැවී ලකුණු 52ක් පමනක් ලබාගැනීමට හැකිවිය. ඒ අනුව ‘Inter-Branch Tape Ball’ ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය ප්‍රධාන මාණ්ඩලික ශාඛා කණ්ඩායම හිමිකරගත් අතර අනුශූරතාව පාලන ශාඛා කණ්ඩායම හිමිකර ගත්තේය.

මෙම තරඟාවලියේ කණ්ඩායම් අතරින් ප්‍රධාන මාණ්ඩලික ශාඛා කණ්ඩායමේ ලාන්ස් කෝප්‍රල් වයි.එම්.පී.ජී.කේ. යාපාරත්න තරඟයේ වීරයා ලෙසත් එම කණ්ඩායමේ ලාන්ස් කෝප්‍රල් රණසිංහ තරඟාවලියේ වීරයා ලෙසත් සම්මාන දිනාගත්හ.