Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2024 19:48:52 Hours

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති බළප්‍රදේශයේ නිල සංචාරයක

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 මැයි මස 07 සහ 09 දිනයන්හි 512, 513 පාබල බලසේනා සහ එම බලසේනා යටතේ ස්ථාපිත එකකයන් වෙත නිල සංචාරයක නිරත විය.

බලසේනා සහ ඒකකයන් වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරිවරුන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. මෙම සංචාරයේ දී බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරිවරුන් විසින් තම බලසේනා සහ ඒකකයන්හි කාර්යභාරය සහ වත්මන් මෙහෙයුම් පිළිබද කරුනු ඉදිරිපත් කළහ. සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව ඔවුන් සමග සුහඳ අදහස් හුවමාරුවක නිරත විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ