Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2024 19:42:51 Hours

541 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් වෛද්‍ය පාඨමාලාවක් පවත්වයි

54 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 541 පාබල බලසේනාවේ ඒකකයන් හි සේවයේ නියතු භටපිරිස් වෙනුවෙන් 2024 මැයි මස 06 දින සිට 2024 මැයි මස 11 දින දක්වා මූලික වෛද්‍ය පාඨමාලාවක් පවත්වන ලදී.

සෙසු නිලයින් 40 දෙනෙකු සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම පාඨමාලාව ප්‍රථමාධාර, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ සර්පයන් හැසිරවීම පිළිබඳව කරුණු අන්තර්ගත විය. පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී සහභාගි විය. වෛද්‍ය ලුතිනන් එස්.එල්.වයි.ජි කුමාර, පල්ලේමඩු ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය පී.ඒ ප්‍රනාන්දු, සැරයන් එම්.ජි.එන්.ජි. කුමාර සහ සැරයන් බී.ඒ.එම්.ජී.එස්.අයි.ආර්.කේ අබේසිංහ විසින් පාඨමාලාව මෙහෙයවන ලදී.