Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2024 19:29:54 Hours

සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි

සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී එම ආයතනයේ පැවති කෙටි උත්සවයකදී 2024 මැයි මස 10 දින 15 වන සේනාවිධායකවරයා ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් ප්‍රධාන උපදේශක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, එතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය ක‍ළේය.

නව සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ කාර්යය මණ්ඩලය අමතමින් එතුමන්ගේ ඉදිරි දැක්ම ඉදිරිපත් කළේය.