Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2024 19:35:26 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 මැයි මස 07 දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ධූරයේ රාජකාරි භාරගත්තේය.

මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයක් ද ගනු ලැබීය.

අනතුරුව එතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ රාජකාරි කටයුතු පිළිබඳ දැනුවත් වූයේය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවූයේය.