Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2024 19:27:18 Hours

4 ශ්‍රී ලංකා පාබල හමුදාව 37 වන සංවත්සරය දිනය අභිමානවත් අයුරින් සමරයි

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 37 වන සංවත්සර දිනය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් පී.කේ වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 05 දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත් වූහ.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එම ඒකකයේ අණදෙන නිළධාරී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ බලඇණි ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරන ලදී.

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියතු භටපිරිස් වෙත සෙත් පැතීමේ අරමුණින් බෝධිපූජා පිංකමක්, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පවත්වන ලදී. බළඇණියේ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන් අතර, සුහද ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී.