Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2024 17:33:03 Hours

‘Ride with Pride’ පාපැදි සවාරිය සාර්ථකව අවසන්

‘Ride with Pride’ පාපැදි සවාරිය 2024 අප්‍රේල් මස 28 දින ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වූ අතර යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ අත්පොලසන් හඬ මධ්‍යයේ 2024 මැයි මස 11 දින කිලෝමීටර් 1247 ක දුරකින් යුක්ත වූ එම පාපැදි සවාරිය ගාලුමුවදොර පිටියේදී සාර්ථකව අවසන් විය.

මේජර් ජෙනරල් එස්.ආර්. බාලසූරිය (විශ්‍රාමික) යූඑස්පී, මේජර් ජෙනරල් කේ.පී.එස්. ප්‍රේමලාල් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ කර්නල් ඩබ්ලිව්.එන්.පී.එස්.කේ. පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන යුද්ධ හමුදා ප්‍රවීණයන් තිදෙනාගේ සහභාගීත්වයෙන් මෙම පා පැදි සවාරිය පැවැත්විණි.

ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වූ මෙම පාපැදි සවාරිය කල්පිටිය, පුනරීන්, කන්කසන්තුරේ, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, කතරගම, තංගල්ල සහ අලුත්ගම ඔස්සේ ගමන් කර නැවත ගාලුමුවදොර පිටියෙන් සමාප්ත විය.

‘Ride with Pride’ පාපැදි සවාරියේ ධාවකයින් දිරිමත් කිරීම අරමුණින් පාපැදි ධාවකයන්ගේ රෙජිමේන්තුවලට අයත් සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් රැසක් සහභාගී වූහ.